පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ පිළිබඳව පැහැදිළි කළේය.
වත්මන් රජය බලයට පත් වූ විගස මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය. මෙම තත්වය වෙනස් කරමින් යම් කිසි උත්තේජනයක් ලබා දීමේ අරමුණින් රජය බලයට පත් වූ විගස බදු සහන පැකේජයක් ලබා දුන් බවද පෙන්වා දුන්නේය.
යම් යම් බදු අඩු කිරීම සිදු කළේ නැවත වරක් ආර්ථිකය පණ ගැන්වීමට බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආර්ථිකය පණ ගන්වන අතර කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු වූ බවත් ආර්ථික වර්ධන වේගය 16% දක්වා අඩු වූයේ මෙම හේතුව නිසා බවද පැහැදිළි කළේය. එහෙත් රට වසා දමා ඇති සමයක වුව පසුගිය යහපාලන රජයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත් කර ගත් බවත් මුළු ලෝකයේම රටවල් ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති සමයක වුව 2020 වසරේ මෙවැනි තත්වයක් පවත්වා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.