පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමා ජනාධිපතිවරයාව සිටි 2005-2015 දක්වා කාලයේදී බහාලුම් ලක්ෂ 72ක් පමණ ක්‍රියාත්මක කළ හැකි කොළඹ දකුණු වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සංවර්ධනය සඳහා ඉතා වැදගත් ස්ථානයක් වන කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පසුගිය රජය ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.