පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස තීරණය කැබිනට් මණ්ඩලයට

    ජනවාරි 08, 2021

    වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව ඊයේ (7) කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පිළිබඳ විකල්ප යෝජනා තමන් සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    වතුකරයේ ජනතාවට රුපියල් දහසක අවම දෛනික වැටුපක් ලබාදීම සඳහා රජය.ගෙනඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බවත්,දෙපාර්ශවයටම සාකච්ඡා කර සාධාරණ විසඳුමකට ඒමට අවස්ථා රැසක් ලබාදුන් නමුත්, එයින් අවසන් විසඳුමකට ඒමට අපෙහොසත් වූ නිසා, මේ වතු කම්කරු ජනතාවට සාධාරණය ඉටු කළ යුතු නිසා,වතු කම්කරු ජනතාවට අවම දෛනික වැටුප රුපියල් දහසක් කිරීම සඳහා වන විකල්ප යොජනාව ලබන සඳුදා පැවැත් වෙන අමාත්‍ය මංඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පවසයි.ඉන්පසු ඉතා කඩිනමින් එම වැටුප් වැඩි කිරීම සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.

    මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය කනක හේරත්,ජීවන් තොංඩමාන්,පාර්.මන්ත්‍රී වඩිවේල් සුරේෂ්,හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොංඩමාන් ඇතුළු වතු වෘත්තීය සමිති නායකයන් ද සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර ඇල්ලේපොල ඇතුළු වතු සමාගම් නියෝජිතයින් ද අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් වූහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya