පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    කොට්ටාව මාකුඹුරට නිවාස 314 කින් යුත් නිවාස ව්‍යාපෘතියක්

    ජනවාරි 08, 2021

    මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයට, අධිවේගි මාර්ග පිවිසුමට, හයිලෙවල් මාර්ගයට ආසන්නයේ නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ.

    කොළඹ පැල්පත්වාසීන්ට නව නිවාස ලබා දෙන බව නාගරික සංවර්ධන හා නිවස අමාත්‍යාංශයේ ලේකම් අවධාරණය කරයි.

    මධ්‍යම ප‍්‍රාන්තික ජනතාව වෙනුවෙන් මහල් නිවාස 5000 ක් ඉදි කිරීමේ වැඩසටහන යටතේ නව මහල් නිවාස ඒකක 314 ක් ඉදිකිරීමේ කටයුතු කොට්ටාව මාකුඹුර ප‍්‍රදේශයේ දී පසුගිය 05 වැනිදා ආරම්භ කෙරිණ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකෙරේ. නිවාස 5000 ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මූලික අදියරේ නිවාස 3000 ක ඉදිකිරීම් කටයුතු පසුගිය 04 වැනි දා ඔරුගොඩවත්තෙන් ආරම්භ කෙරිණ..

    මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයට, අධිවේගි පිවිසුමට, හයිලෙවල් මාර්ගයට ආසන්නයේ නිවාස 314 කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය ඉදි කෙරේ.නාගරික සංවර්ධන අධිකාරිය ම`ගින් මෙම සියළු නිවාස ඉදිකිිරීමේ කටයුතු පුර්ණ අධීක්ෂණයට ලක් කරනු ලබයි.

    මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ කොළඹ මහනගර සභා බල ප‍්‍රදේශයට අයත් සියළුම පැල්පත් නිවාස වෙනුවට සුදුසු ස්ථානවල නව නිවාස ලබා දීමට පියවර ගන්නා බවයි.

    ”අද මහරගම ආසනයටත්, කොට්ටාව නගරයටත් සුවිශේෂ දිනයක්. 2020 වර්ෂය අපි කාටත් සතුටු වෙන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. මාර්තු මාසයේ සිට කොවිඞ් ආසාදනය හේතුවෙන් හැම කෙනාම බලාපොරොත්තු අතහැර දමා තිබුණා. ජනාධිපතිතුමා බලයට පත් වීමත් සමඟ සෞභාග්‍යයේ දැක්ම යටතේ එතුමා සංකල්ප 10 ක් ඉදිරිපත් කර තිබුණා. ඒ සංකල්ප 10 න් ප‍්‍රධාන තැනක් ගන්නේ සතුටින් පිරි පවුලක් යන අදහස. සතුටින් පිරි පවුලක් සැදීම එකපාරටම කරන්න බැහැ. ඒකට අවශ්‍ය දේවල්වලින් මූලිකම වන්නේ සතුට බෙදා ගැනීමට නිවසක්. එතුමා ආරක්ෂක ලේකම්වෙලා ඉන්න කොට 2010 - 2015 කාලයේ මට ලැබුණා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් කටයුුතු කරන්න.

    එතුමාගේ මූලික අරමුණ වුණේ 2010 ඉදලා 2015 වෙනකන් සුළු ආදායම්ලාභීන්ගේ මේ නිවාස ප‍්‍රශ්නය විසඳන්න. ඒ අනුව තමයි කොළඹ 01 සිට කොළඹ 15 දක්වා මහනගර සභාවට අයත් ප‍්‍රදේශවල පැල්පත් 68,894 න් පවුල් 4688 ක් 2015 ජනවාරි 08 වැනිදාට පෙර පදිංචි කළේ. ඒ වෙලාවේ හදමින් සිටි ගෙවල් තිබුණා 15,000 කට වැඩියෙන්. සමහර ඒවා තට්ටු 07, 08 ගිහිල්ලා තිබුණා. සමහර ඒවා තට්ටු 02 ක් 03 ක් ගිහිල්ලා තිබුණා. දැන් ඒවා සියල්ල ම සම්පූර්ණ කරලා සුළු ආදායම්ලාභීන්ගේ නිවාස ප‍්‍රශ්නය සෑහෙන දුරකට විසඳලා තියෙනවා. 19,884 ක් දැනට පදිංචිකරවන්න මේ රජය කටයුතු කරලා තියෙනවා.

    ඒ අතරම තමයි මේ නිවාස හදන්නේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මධ්‍යම ප‍්‍රාන්තිකයන්ට. ඒ කියන්නේ තරුණ, තරුණියන්ට, වෘත්තිකයන්ට. විශේෂයෙන් ඒ අය ගැන කවුරුවත් බලන්නේ නැහැ. ඊයෙ ගෙවල් 424 කට මුල්ගල තිබ්බා. අද උදේ 384 කට මුල්ගල තිබ්බා. ඊට පස්සේ තමයි අද මේ තෙවන ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. ගොඩක් අය කොළඹට පිට ප‍්‍රදේශවලින් ඇවිල්ල රාජකාරි කරනවා. ඒ අයට ඉන්න තැනක් නෑ. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවරු, බැංකු ක්ෂේත‍්‍රයන්වල වගේ හොඳ වෘත්තිකයන් එතන ඉන්නවා. ඒ අයට සුළු ආදායම්ලාභීන් වගේ ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ගොල්ලන්ට වෙනම ගෙවල් සෑදීම තමයි මේ රජයේ අරමුණ වෙලා තියෙන්නේ.

     අපි බිලියන 40 ක් වියදම් කරලා ගෙවල් 3,000 කට මේ සතියේ ස්ථාන 10 කදී මුල්ගල තියනවා. ක්‍1 කොන්ත‍්‍රාත්කරුවෝ දස දෙනා එකට එකතු වෙලා කතා කරලා අපිට මේ ගෙවල් ටික අවුරුද්දකින් ලබා දුන්නොත් ජනාධිපතිතුමා කියලා තියෙන්නේ ඉතුරු ගෙවල් ටිකත් කොන්ත‍්‍රාත්කරුවන්ට ම දෙන්න කියලා. අපිට තව ගෙවල් 2,000 ක් හදන්න තියෙනවා. අවුරුද්දකින් මේ නිවාස ටික හදලා ඉවර කරනවා නම් දිගටම නාගරික සංවර්ධන අධිකාරිය සම`ග වැඩ කරන්න අපි සැලසුම් කරලා තියෙනවා.

    මං ඉල්ලා හිටිනවා විශේෂයෙන් ම තුඩාව සමාගමෙන් මට මේ ගෙවල් ටික 2022 ජනවාරි 07 වැනිදාට විවෘත කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. නාගරික සංවර්ධන අධිකාරියත් අපේ අමාත්‍යාංශයත් කොරෝනා කියල බැලූවේ නැහැ. අපි ආයතන වහලා තිබ්බේ නෑ. සියලූ දෙනාම වැඩකරපු නිසා එකේ ප‍්‍රතිඵලයක් විදිහට තමයි අද මේ ගෙවල් 3000 ට මුල්ගල තියන්න පුළුවන් වුණේ. මේ අවුරුද්ද පටන් අරන් දවස් 05 න් නිවාස පද්ධති 03 ක් අපි ආරම්භ කළා. මං හිතන්නේ නාගරික සංවර්ධන අධිකාරිය ලබපු විශේෂ ජයග‍්‍රහණයක් ඒක.”යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ ය.

    නිවාස නොමැති සියළු ම පවුල් සෞභාග්‍යයේ දැක්ම යටතේ නිවාස හිමි පවුල් බවට පත් කිරීම ප‍්‍රධාන අරමුණ බව පවසන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර මහතා මෙම අවස්ථාවට එක් වෙමින් ප‍්‍රකාශ කළේ ය.

    ”මෙම වසරේ ආරම්භ කරන තුන්වන ව්‍යාපෘතිය. නිවසක අවශ්‍යතාවයකින් පෙළෙන, ඉඩමක් නොමැති මහරගම, හෝමාගම, පිළියන්දල හා කැස්බෑව වැනි ප‍්‍රදේශවල තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුවයි මේ මල්ඵල ගන්වන්න හදන්නේ. විශේෂයෙන් මහරගම, හෝමාගම, පිළියන්දල, කැස්බෑව වැනි ප‍්‍රදේශවල නිවසක් තනා ගැනීමට ඒ අනාගත බලාපොරොත්තුව මුදුන් පමුණුවන්න තමයි අපි මේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. විශේෂයෙන් ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ නිවසක් නොමැති පවුල්වලට නිවාස ව්‍යාපෘති අපි ආරම්භ කරන්නේ.

    නිවාස 3000 කින් සමන්විත ව්‍යාපෘතියේ මාකුඹුර ප‍්‍රදේශයේ අද ආරම්භ කරන්නේ තුඩාව සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා, ඉතාමත් කෙටි කාලයක් තුළ ඒ ප‍්‍රදේශයේ නිවාස අවශ්‍යතාවය ඉටු කරන්නයි. මේක තමයි රජයේ ආයතනයක් හැටියට විශේෂයෙන් ම කරන්න ඕන දේ. නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම්වලට සමඟාමීව මේ නිවාස ව්‍යාපෘතියත් ක‍්‍රියාත්මත කරනවා. අද ආරම්භ කරන මේ කටයුත්ත අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ නිමකර ඉතා ඉක්මණින් මෙම නිවාස ජනතාවට ලබා දීමේ මහඟු කාර්යය ඉටු කරන්න අපට, හැකි වේවා යනුවෙන් අපි ප‍්‍රාර්ථනා කරනවා”යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ම`ගින් සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya