විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත්, ඔවුන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සහන් කළේය.
2019 , පෙබරවාරි මස චීනයේ වූහාන් නගරයේ සිර වී සිටි සිසුන් 33 පිරිස මෙරටට ගෙන් ඒමේ සිට ශ්‍රී ලංකා රජය විවිධ වෘත්තිකයින් 61,750කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ඇති බවත්
රටවල් 137ක සිටි 69,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ අමාත්‍යවරයා ඒ අතුරින් රටවල් 15ක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 41,451ක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී ඇත . ඉතිරි පිරිස පෞද්ගලික හෝ වෙනයම් ක්‍රම මගින් විදේශ ගත වූවන් වේ.මව් බිමට පැමිණීමට අපේක්ෂිත විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත ජනාධිපති කාර්ය සාධක බලකාය සමග එකතු කර එම දත්ත විශ්ලේෂණය කර අවදානමට ලක් වීමට වැඩි ඉඩක් ඇති පුද්ගලයන් ප්‍රථමයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබේ.
විදෙස් ගත ලාංකිකයන් මෙරටට ගෙන්වීම ක්‍රම 02 කට සිදු වේ. රජය විසින් සංවිධානය කළ විශේෂ ගුවන් යානාවක ඔවුන් ගෙන්වීමේ ක්‍රමය සහ දෛනික ගුවන් කාල සටහනට අනුව විදේශ
ගත වූ ශ්‍රී ලාංකියන් පැමිණීමේ ක්‍රමයයි.මෙම පිරිස ස්ව කැමැත්තෙන් නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වන බවත් පවතින දුෂ්කරතා සහ අභියෝග හමුවේ අවශ්‍ය පිළියම් යොදමින් ඉතා කඩිනමින් එම ශ්‍රී ලාංකියන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කාළීන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.
විවිධ හේතු මත ගුවන් ටිකට් පත් මිල ගණන් පෙර වසර වලට වඩා ඉහල අගයක් ගන්නා බවත් එහෙත් වසංගතය හමුවේ වුවද සහණදායී මිල ගණන් යටතේ එම ටිකට් පත් ලබා දීමට කටයුතු
කර ඇත.විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණි පසු නිවෙස් වලට ගොස් දින 14ක් නිරෝධායන වීමේ ක්‍රමවේදයක් මෙරට නැති බවත් ඒ සඳහා සෞඛ්‍ය අංශයන්ගේ helth guide ලබා දී හෝ අනුමැතියක් නොමැති බවත් එසේ වූයේ නම් මීට වඩා වැඩි පිරිසක් මෙරටට ගෙන්විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
රජයේ වියදමින් නිරෝධායන මධ්‍යස්ථාන 31 පවත්වා යන අතර විදෙස් ගත ශ්‍රමිකයින් මෙම ස්ථාන වල නිරෝධායන වීම සිදු කරයි. හමුදාව මගින් පාලනය වන මධ්‍යස්ථාන වල ධාරිතාව 5000-6000 අතර බවත්
තවද රජයේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වා ගෙන ගිය විශ්වවිද්‍යලා වැනි ගොඩනැගිලි යළි භාර දීමේ අවශ්‍යතාවයක්ද මතු වූ බවත් එම නිසා මෙම නිරෝධායන මධ්‍යස්ථාන වල
ධාරිතාවට බලපෑමක් ඇති වූ බවද කීය. දැනට සංචාරක හෝටල් 45ක මුදල් ගෙවීමේ ක්‍රමවේදය මත නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන් බවත් එහිදී රජයේ අනුමත ගාස්තු අය
කෙරේ.
එසේ මුදල් ගෙවිය නොහැකි ශ්‍රී ලාංකිකයන්ට රජයේ නිරෝධායන මධ්‍යස්ථානයන් ඇතුල් විය හැක. ඇතැම් අය රජයේ නිරෝධායන මධ්‍යස්ථානයන්ට යාමට අකමැති බවත් එසේ ගොස් එහි
පහසුකම් අවම බව ප්‍රකාශ කර බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේ වුවද මේ වන විට කුවේට්,කටාර් සහ ඕමාන් යන රටවල සිට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 147 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට දින 14ක නිරෝධායනය සඳහා රු 10,500 බැගින්
මිලියන 15ක් වැය කර ඇත. පී.සී.ආර් පර්යේෂණ සඳහා රු 285,000ක මුදලක් සහශ්‍රමිකයන් 112ක් වෙනුවෙන් සම්පූර්ණ ගුවන් ටිකට් පත් ලබා දී ඇත. තව දුරටත් විදේශ ධූත මණ්ඩල හරහා ඔවුන්ට අවශ්‍ය සහණ ලබා දීමට උපදෙස් ලබා දී ඇත.