පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් ක්ෂේත්‍රයේ සංවර්ධනයට කොරියානු රජයේ සහාය

    ජනවාරි 10, 2021

    රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය  08  දින මෙරට කොරියානු තානාපති වුන්ජින් ජොං  මහතා හමුවිය.



    මෙරට සාගර විශ්වවිද්‍යාල පද්දතිය වෙනුවෙන් කොරියානු රජය සමග නොදුරේදීම ආරම්භ  කිරීමට සූදානම් කර ඇති koica ව්‍යාපෘතිය පිළිබඳව මෙහෙදී ප්‍රධාන වශයෙන් අවදානය යොමු  වූ අතර එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට මෙරට කොරියානු තානාපති වුන්ජින් ජොං මහතා එකග විය.

    තවද නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධ ව්‍යාපෘතින් වැඩිදියුණු කිරීම පිළිබඳවත් නව ව්‍යාපෘතින් හඳුන්වා දීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.

    අමාත්‍යතුමියගේ අදහස් මත ශ්‍රී ලාංකික විදෙස් ගත වෘත්තිකයන්ගේ ප්‍රමිතිය, තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා නව පර්යේෂණ ව්‍යාපෘතින් යෝජනා කිරීමටත් , කොරියානු තාක්ෂණික අභ්‍යාස ආතනය පිළිබඳ අවධානය යොමු කරමින් එහි ඇති පාඨමාලා, නව ඉගෙනුම් සංකල්ප
    (  Mobile vehicle center ) ජංගම මෙහෙයුම් මධ්‍යස්ථානය වැනි දේ ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් අමාත්‍යතුමිය විසින් මෙරට කොරියානු තානාපති නියෝජිතයන් සමග  සාකච්ඡා කෙරිණ.

    මෙම අවස්ථාවට මෙරට කොරියානු තානාපති කාර්යාලීය නියෝජිතයන් සහ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya