මිලිමීටර 150 (mm) ඉක්ක්ම වූ තද වැසි අපේක්ෂා කෙරේ. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වෙසෙන ජනතාව නාය යෑමේ ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.
ඉදිරි දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන ප්‍රදීප් කොඩිප්පිලි මහතා,පුත්තලේ සිට කන්කසන්තුරය,ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් ධීවර හා නාවික කටයුතු නිරතවීමේ දී විමසිලිමත් වන ලෙස ද ඉල්ලීමක් කෙරේ.
එමෙන් ම ජලාශ රැසක් වාන් දොරටු විවෘත කොට තිබෙන බවත් තබ්බෝව, පරක්‍රම සමුද්‍රය, උල්හිටිය ජලාශය ආදා ජලාශවල වාන් දොරටු විවෘත කර තිබීම නිසා පාහළ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඉල්ලා සිටියි.
ආපදා පිළිබඳව දැනුම් දීමට පැය 24 පුරා 117 දුරකතන අංකය විවෘතව පවතී