කෙසේ වෙතත් බස්නාහිර පළාත මෙන් ම දැනට හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් ආරම්භ වෙයි. ජනවාරි මස 25 වන දින සිට හුදකලා කළ ප්‍රදේශවල හැර, බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11වන ශ්‍රේණිය ආරම්භ කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ .
ජනවාරි (11) සිට බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් 2-13 තෙක් ශ්‍රේණි සඳහා විවෘත කෙරේ. රට තුළ පවතින තත්වය හමුවේ දරුවන්ගේ
සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගනිමින් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මෙය අහම්බෙන් ගත් තීරණයක් නොවෙයි. මේක ක්‍රියාත්මක වෙන්නෙ ඉතාමත් ප්‍රවේශමෙන් අපි සකස් කරපු සැලැස්මක් අනුවයි. සම්පූර්ණ සැලැස්මක් පමණක් නොවෙයි. ඒ සැලැස්ම
ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් පියවරෙන් පියවර හරියාකාරව සෑම පාසලක ම ක්‍රියාත්මක වනවාද යන්න වගබලාගැනීමට අපි වැඩපිළිවෙළක් සකස් කරල තියෙනවා. .
සෑම පාසලකටම පත් කරල තියෙනවා, විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් කමිටුවක්. මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරී, පොලිස් පරීක්ෂක, ආදිශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක්,
පාසල් සංවර්ධන කමිටුවේ නියෝජිතයෙක්, මේ අයට වගකීම් ඉතාමත් පැහැදිලිව අපි භාර දීලා තියෙනවා. ඒ වගකීම් ඉටු කෙරෙන ආකාරය මට්ටමෙන් මට්ටමට සොයා බැලීමට විධිමත් පියවර
අරගෙන තිබෙනවා. සියලු කලාප අධ්‍යක්ෂකවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු දෙනාම මේ වැඩපිළිවෙළට සම්බන්ධයි.” යැයි පැවසීය.
මෙම අංග සම්පූර්ණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සියලු දෙමව්පියන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් පසුගිය දින කිහිපය මුළුල්ලේ දැනුවත් කරන ලද බවත්, පසුගිය
බදාදා දින සිට අද වන තෙක් පාසල්වල මේ සම්බන්ධයෙන් ගුරු දෙගුරු සාකච්ඡා පැවැත්වීමට ද,, ඒ ඒ පාසල්වලට අනන්‍ය වූ කිසියම් අඩුපාඩුවක්, ගැටළුවක් වේ නම් සාකච්ඡා කර විසඳුම්
සපයා ගැනීමට ද උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින තත්වයන් හමුවේ පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සුවිශේෂී අවධානය යොමු කරන ලද බව ද, විශේෂයෙන් ම ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව, සහ
පාසල් වෑන් රථ සංගම් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාකර එකඟතාවන්ට එළඹි බව ද, පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා, පාසල් වෙත
පැමිණෙන දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධ ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ පමණක් නොව, වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මහාචාර්යවරුන් රැසක් සමඟ ද සාකච්ඡා වට ගණනාවක් ම පවත්වන ලද බව ද පෙන්වා දුන්නේ ය.
නව පාසල් වාරය සදහා දරුවන් පාසලට සෞඛ්‍යාරක්ෂිත ව රැගෙන ඒම වෙනුවෙන් දෙමව්පියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශවකරුවන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
කොවිඩ් වසංගතය හමුවේ දැනට පවතින නව සාමාන්‍ය තත්වය සැලකිල්ලට ගනිමින්, දරුවන්ගේ අනිවාර්ය අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර දීමේ ව්‍යවස්ථාපිත වගකීම ද අවබෝධකර ගනිමින්අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කිරීමේ තීරණය, අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් සහිතව, සෞඛ්‍ය, ආරක්ෂක, ප්‍රවාහන, මාධ්‍ය ඇතුළු සියලු පාර්ශවවල පූර්ණ සහයෝගය ද ලබා ගනිමින් ක්‍රියාවට නංවන බව ද ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
ඉතා විධිමත් සැලසුම්සහගත වැඩපිළිවෙළක් අනුව දරුවන්ගේ අධ්‍යාපනය මඟ නොහැරී ක්‍රියාවට නැංවීමේ ප්‍රමුඛ පර්මාර්ථය පෙරදැරිව මෙම තීරණය ක්‍රියාවට නංවනු ලබන අතර, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ මේ වනවිටත් දැනුවත් ව ඇති සියලු උපදෙස් අකුරටම පිළිපදිමින්, දරුවන් පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.