නැගෙනහිර පළාතේ පාසල් 32ක් , උතුරු පළාතේ පාසල් නවයක්, ආරම්භ වූ මධ්‍යම පළාතේ පාසල් හතරක්,සබරගමුව පලාතේ පාසල් 14 ක් , දකුණු පළාතේ පාසල් අටක් ,වයඹ පලාතේ පාසල් දෙකක් අද දින විවෘත නො කෙරුණු අතර, එම පලාත් වල අනෙකුත් සියලු පාසල් ඒ අනුව අද සිට විවෘත කරන ලදී .
ගුරුවරුන්ගේ සහ සිසු දරුවන්ගේ දරුවන් ගේ පැමිණීම සම්බන්ධයෙන් පළාත් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව, ග්‍රාමීය ප්‍රදේශ වල පිහිටි පාසල් වල ගුරු- සිසු පැමිණීම ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බව සෑම පළාතකම හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයකි .බස්නාහිර හැර අද දින පාසල් පැවැත්වූ පලාත් අටෙහි සිසුන්ගේ පැමිණී මෙහි සමස්ත ප්‍රතිශතය 51ක් වන අතර ගුරුවරුන් ගේ පැමිණීමෙහි සමස්ත ප්‍රතිශතය 88% කි. සිසුන්ගේ පැමිණීමෙහි ඉහළ ම ප්‍රතිශතයක් පවතින්නේ ඌව පළාතේ වන අතර එය 71% කි . ගුරුවරුන්ගේ පැමිණීමෙහි ඉහළම ප්‍රතිශතය සියයට 95 ක් වන අතර,එය වාර්තා වන්නේ උතුරු පළාතෙනි.
covid නව සාමාන්‍ය තත්ත්වය හමුවේ පවතින අභියෝගය වගකීම් සහගත ව බාර ගනිමින්, දරුවන් පාසලට කැඳවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගත් තීන්දුව සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අංග සම්පූර්ණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා දායක වන සෞඛ්‍යය,ප්‍රවාහන ,ආරක්ෂක අංශ ඇතුළු සියලු ක්ෂේත්‍ර වල නිලධාරීන්ටත් කාර්ය මණ්ඩලවලටත්අධ්‍යාපන ලේකම් වරයා ලේකම් වරයා තම කෘතවේදිත්වය පළ කර සිටී . එමෙන් ම , ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාසල් මට්ටමින් විධිමත් ව ක්‍රියාවට නංවන්නට සහාය වන ,පලාත් කලාප, කොට්ඨාස අධ්‍යාපන නිලධාරීන්ට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් , දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශව වෙත ද විශේෂයෙන් ම, මේ පිළිබඳ නිරන්තර වාර්තාකරණයේ යෙදෙමින් ජනතාව දැනුවත් කරන සියලු මාධ්‍ය ආයතන වෙතත් අධ්‍යාපන ලේකම්වරයා ස්තූතිය පළ කළේ ය .
බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම ඒ සම්බන්ධව ඉදිරියේදී තීරණය කිරීමට සෙසු පළාත්වල තත්ත්වයන් සැලකිල්ලට ගන්නා බව ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩි දුරටත් අවධාරණය කළේය . මේ අවස්ථාවට අධ්‍යාපන අතිරේක ලේකම් ඩී ධර්මසේන ඒ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ