මෙහිදී අලි මිනිස් ගැටුම අවම කිරීම පිණිස අබලන්ව ඇති විදුලි වැටවල් කඩිනමින් සකස් කර දීමටත්, අලි වැට හා අලි අගල් නඩත්තු කිරීම සදහා ප්‍රදේශයේ මරණාධාර සමිති හා ගොවි සංවිධානයන්හි සහාය ලබාගැනීමටත්, අලිවැට ඉදිකිරීමේදී සීමා මායිම් වලට කොටුවන අලීන්ට උඩවලව දක්වා ගමන් කිරීමට මාර්ගයක් (අලි කොරිඩෝවක්) සකස් කිරීමටත් යෝජනා වූ අතර, දෙසතියක් තුළ එකී යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස සී. බී.රත්නායක ඇමතිතුමා විසින් අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මෙම අවස්ථාවට වනජීවී වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී සී. සූරියබණ්ඩාර, වන සංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්. ඒ බණ්ඩාර යන නිලධාරීන් සමග අමාත්‍යංශයේ සහ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ද හම්බන්තොට - සූරියවැව යෝධකණ්ඩිය - තිස්සමහාරාමය යන ප්‍රදේශ වල ගොවි සංවිධාන හා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ද සහභාගී වූහ.