සේවකයින්ගේ රැකියා අහිමි නොකර පවත්වා ගැනීම, සෑම සේවකයකුටම සේවය කිරීමට හැකි වනා අයුරින් සමානුපාතිකවා අවස්ථාව ලබාදීම, සේවකයි නිවෙස්වල රැදී සිටිය යුතු වන්නේ නම් අවසාන වරට සම්පූර්ණ වැටුප ගෙවන ලද මාසික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 4,500ක මුදලින් වඩා වාසිදායක මුදල ලබාදීම සහ එම වැටුප සඳහා සේවා යෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම යනාදී සහන 2020 දෙසැම්බර් මස 31 දින දක්වා ලබාදීමට එකඟතාව ඇතිකරගෙන තිබුණි.
තවදුරටත් ව්‍යාප්ත වන කොවිඩ් - 19 හේතුවෙන් සංචරණ හා ගුවන් සීමා පැනවීම මත සංචාරක ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ ඇත.මෙම ක්ෂේත්‍රයට අදාළ ආයතන වලට සහ කොවිඩ් - 19 හේතුවෙන් සිය කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති සහ අනෙකුත් ක්ෂේත්‍රයන්ට අදාළ ආයතනයන් සඳහා ද මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබාදීමට තීරණය කර තිබේ.