රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක වැඩසටහන, දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේදී දී පැවැත්වෙන බවත් ඉදිරියේදී සියළු මහවැලි කලාප ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබවත්ය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සංවිධානය කරනු ලබන මෙම ගොවි දැනුවත් කිරීම බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ විද්‍යඥයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් සිදුකරනු ඇත.
මහවැලි වාරි පෝෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 191,560 ක් වේ. ඉන් මහවැලි කලාප දහය තුළ හෙක්ටයාර් 106,117 ක භූමි ප්‍රමාණයක වී සහ වෙනත් බෝග වගාකිරීම සිදුකෙරේ. මෙම
කලාප වලින් වසරකට වී මෙට්‍රික් ටොන් 900,000 ක් ලබා ගන්නා අතර එහි වටිනාකම රුපියල් බිලියන 45 ක් පමණ වේ.
මහවැලි කලාප වලින් ජාතික නිෂ්පාදනයට, වී 21%, සෝයා 91%, ලොකු ලූනු 43%, බඩඉරිඟු 10%, කෙසෙල් 22%, පැපොල් 13%, අඹ 8% ලෙස ද වශයෙන් දායකත්වය සපයනු ඇත.
එළඹෙන ජනවාරි 14 දින ආරම්භ කෙරෙන ' මහවැලි ගොවි පුතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මහවැලි කලාප වල වී අස්වැන්න හෙක්ටයාර් එකක් සඳහා වී මෙට්‍රික් ටොන්
7.5 ක් අපේක්ෂා කෙරේ.
මේ වන විට අවිධිමත් ලෙස සිදුකරන වී වගා වෙන් කුඹුරු ඉඩම් හෙක්ටයාර් එකකින් ලබා ගන්නා වී අස්වැන්න මෙට්‍රික් ටොන් 5 කටත් වඩා අඩු අගයක පවතියි .
නිවැරදිව වගා කිරීම තුළින් වී පමණක් නොව සෙසු වගාවන් සඳහා සැලකිය යුතු අස්වැන්නක් ගොවීන්ට ලබා ගත හැකි බව කෘෂි විද්‍යඥයින් පෙන්වා දෙයි.
ඇතැම් ගොවීන්ගේ නොදැනුවත් කම හේතුවෙන්, ඉහළ අස්වැන්නක් අපේක්ෂාවෙන් රසායනික හෝ කාබනික පොහොර ප්‍රමිතියකින් තොරව වගාව සඳහා භාවිතා කෙරේ. පොහොර
වැඩිවශයෙන් වගාව සඳහා යෙදුවද, ඉහළ අස්වැන්නක් ලබා ගත නොහැකි බව කෘෂි විද්‍යාඥයින් පෙන්වා දී ඇතිබව මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා අවධාරණය කරයි.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ මහවැලි කලාප දහයට අයත් ගොවීන් සඳහා නව තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් කෘෂි කාර්මික කටයුතු වල යෙදීම සඳහා අවශ්‍ය
මඟපෙන්වීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ලබා දීම ට සියළු පියවර ගෙන ඇති බවයි.