නුවරඑළිය දිසුත්‍රික්කයේ හගුරන්කෙත පල්ලෙබෝවල මහා විදුහලේ ක්‍රීඩිකාවක හා ක්‍රීඩකයන් දෙදෙනෙකු 2018, 2019 වසර වලදී ජාතික හා අන්තර්ජාතික ශූරතාවන් දිනාගන්නා ලද අතර අවම පහසුකම් ඇති දුෂ්කර ප්‍රදේශයක පිහිටි එම පාසලේ ඉගෙනුම ලබන අදාල ජයග්‍රාහී සිසුන් හට තම කුසලතාවයන් වර්ධනය කරගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය ලබාදෙන ලෙස වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා විසින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමට අනූව 2019 වසරේ තුර්කියේ පැවති තායි බොක්සින් තරගාවලියේදී රන් පදක්කමක් දිනූ ඉමේශා ලසන්ති කුමාරි සිසුවියටත් 2018 වසරේ වායු රයිෆල් තරගාවලියේදී හොදම වෙඩික්කරු ලෙස හා 2018 තායිලන්තයේ පැවති තායි බොක්සින් තරගාවලියේදී රිදී පදක්කමක් දිනූ කසුන් කෞශල්‍ය ගුණවර්ධන සිසුවාටත්, 2018 තායිලන්තයේ හා 2019තුර්කියේපැවති තායි බොක්සින් තරගාවලියේදී රිදී පදක්කමක් දිනූ ජේ. අයි. ඩී රත්නායක සිසුවාටත් අනුග්‍රහය ලබාදීමට හා විදුහලට අවශ්‍ය බොක්සින් තරග වලල්ලක් ද වායු රයිෆල් හා අනෙකුත්ක්‍රීඩා උපකරණ ලබාදීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් එකගතාවය පළ කරන ලදී.
මෙම අවස්ථාවේදී මීටර් 5000 තරග ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවක් තබා ඇති දැනට නුවර එළිය ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන ක්‍රීඩක කේ. චන්ද්‍රසේකර් මහතා වෙතද ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය ලබාදීමට එකග විය.