මෙම නිරීක්ෂණය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කිතුල්වැහැර, අමුණුගම සහ පොල්පිතිගම ප්‍රදේශ වල පිහිටි රෝගයට ලක්වූ ගොවිපල කිහිපයක තෝරාගෙන තිබිණි. මෙම නිරීක්ෂණ චාරිකාවේදී රෝග වලට ලක්ව සිටින ගොවිපල හිමියන්ගෙන් අමාත්‍යවරයා මේ පිළිබදව ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ විමසා සිටි අතර, මේ රෝගය පිළිබදව පශු වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම උපරිම අයුරින් සිදුවූවාද යන්න ද විමසා බැලුවේය.
එළැබෙන සතිය වන විට පත් කල කමිටුවේ වාර්තාව ලැබෙන බවත්, ඉන් අනතුරුව සම්පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත ලබා දෙන බවත් පැවසීය.
මෙම නිරීක්ෂණය සදහා අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටු සාමාජිකයන් වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපර්තමේන්තුවේ වයඹ පලාත් අධ්‍යක්ෂ පශු වෛද්‍ය බී.සී.එස්.පෙරේරා,සත්ව වසංගත රෝග පිළිබද වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු පළාතේ පශු වෛ ද්‍යවරුන් සමග සත්ව සංවර්ධන නිළධාරීන් පිරිසක් සහභාගී විය.