කථානායකතුමා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයට ලක් වූ බවද වේත්‍රධාරී ප්‍රනාන්දු මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළු 448 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් වූ බව ප්‍රනාන්දු මහතා පැවසීය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එවනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙම
පරීක්ෂණය සිදු කරන ලදී. මේ අතර ලබන සිකුරාදා (15) දිනයේදී පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වෙනු ඇත.