පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    අපදාවට පත් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මගින් නිරුපද්‍රිතව බේරාගැනේ

    ජනවාරි 15, 2021

    යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසාගෙන ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේද සහයෝගය මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 2021 ජනවාරි 13 වන දින කටයුතු කරන ලදි.

    යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් 2021 ජනවාරි මස 12වන දින යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ එක්දින ධීවර යාත්‍රාවක් (ලියාපදිංචි අංක 1DAY-A-0032ISN) අතුරුදන් වී ඇති බවත් එම යාත්‍රාව සොයා ගැනීම සඳහා සහාය වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කරන ලදි.

     

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාල යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ කච්චතිවු දූපත ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය වෙත ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව යොමු කරන ලදි. එහිදී සිදු කරන ලද සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේදී අදාල ධීවර යාත්‍රාව කාර්මික දෝශයක් හේතුවෙන් අන්තර්ජාතික මුහුදු සීමාවෙන් (IMBL) ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසා ගෙන ගොස් ඇති බව නිරීක්‍ෂණය කරන ලදි.

    අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේද සහයෝගය ඇතිව එම ධීවර යාත්‍රාව ගසාගෙන ගොස් තිබූ ඉන්දීය මුහුදු කලාපය වෙතට ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව යොමු කරන ලද අතර, ඒ අනුව අදාල ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා නිරුපද්‍රිතව මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවිය.

    මෙලෙස මුදවාගන්නා ලද ධීවරයින් දෙදෙනා සහ අදාල ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එම ධීවර යාත්‍රාවේ හිමිකරු වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කල අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති සියළු උපදෙස් අනුගමනය කරමින් මෙම සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya