කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි මහතා, ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපතිවරයා හමු වූ ප්‍රථම නිල හමුව මෙය වූ අතර, නව පත්වීම් ලද බංගලාදේශ ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිවරයා විසින් මෙහිදී සුභාශිංසන එක් කරන ලදි. එමෙන්ම මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.