පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවය අද සිට

    ජනවාරි 15, 2021

    කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමේ පරමාර්ථයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍ය දැක්ම පෙරදැරි කොට ගනිමින් පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවය අද (15) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය මේ පිළිබඳව කළ විමසුමේ දී කියා සිටියේය.

    මහජනතාවට වඩා හොඳ බස්රථ සේවාවක් ලබා දීම සහ කොළඹ නගරයේ තිබෙන මාර්ග තදබදය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම බස්රථ සේවාව අද සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරෙන බව හෙතෙම කියා සිටියේය.


    එමෙන්ම, මඟීන්ගේ කාලය ඉතුරු කිරීමත්, බස්රථ මඟින් සිදුවන වායු දූෂණය අවම කිරීමේ පිළියමක් ලෙසත්, කොළඹ නගරයට ඇතුළුවන සියලු කුඩා වාහන අවම කිරීමත් මෙමඟින් වැඩිදුරටත් අපේක්ෂා කෙරෙන බවත් පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේය.


    මාකුඹුර සිට නුගේගොඩ - නාවල -නාරාහේන්පිට - ජාවත්ත- පුරහල - රීගල් - ගාලුමුවදොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - තුම්මුල්ල - කිරුළපන - මහරගම - සිට මාකුඹුර දක්වා ද, අනෙත් මාර්ගය මාකුඹුර සිට කොට්ටාව - පරණපාර - පන්නිපිටිය - තලවතුගොඩ - පාලම්තුන - කොස්වත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - ටෙක්නිකල් හන්දිය - පිටකොටුව - කොටුව - බැස්ටියන් මාවත - ලේක්හවුස් -ගාමිණී හෝල් - පුරහල - හයිලෙවල් - මාකුඹුර දක්වා ත් ගමන් මාර්ග දෙකක් ඔස්සේ ධාවනය
    වීමට නියමිතයි.
    ඒ අනුව සෑම විනාඩි 10 කට වරක් බස්රථයක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කිරිමට නියමිතයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya