වෙළෙඳ මහතුන්ගේ සහ පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා ස්වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ (ATM) සහ මුදල් බැර කිරීමේ (CDM) පහසුකම් ද මෙම බැංකු ශාඛාව සතු ය. මීට අමතරව ලීසිං පහසුකම් සැපයීම ඇතුළු සංවර්ධන බැංකුවක සියලු සේවා කටයුතු මෙම ශාඛාව මගින් සිදු කෙරේ.
රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද කළුආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශ නියෝජිත පිරිසක් ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය, සාමාන්‍යාධිකාරි දමිතා රත්නායක යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වූහ.