දශක කිහිපයක් පුරාවට මෙරට වෙලාගත් මිලේච්ච එල්ටීටීඊ ත්‍රස්ථවාදය යුධමය වශයෙන් පරාජය කර මෙරටට සාමය උදාකර දීම සදහා සුවිශේෂි මෙහෙවරක් ඉටුකල යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බුද්ධි වෘත්තිකයන් සදහා පුහුණු සපයන විශිෂ්ඨතම පුහුණු පාසල ලෙස කරන්දෙනිය ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපිත කරන ලද සන්නද්ධ බුද්ධි පුහුණු පාසල මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණගේ ආරාධනයෙන් (15) දින ජාතික ආරක්ෂාවට පවතින අභියෝග වලට මුහුණ දීම සදහා හමුදා සහ අනෙකුත් ආරක්ෂක අංශ වල බුද්ධි වෘත්තිකයින් සුදානම් කිරිම හා පුහුණු කිරිම වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුරතින් විවෘත කරන ලදී.