පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    මහ කොමසාරිස් කනනාතන් නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

    ජනවාරි 16, 2021

     

     

    නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNON), එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සඳහා ද ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා ලෙස අක්ත ගන්වා සිටින කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනනාතන් මහතා , ඒ සඳහා සිය අක්තගැන්වීමේ ලිපිය 2021 ජනවාරි 14 වැනි දින අන්තර්ජාලය හරහා පැවති චාරිත්‍රාණුකූල උත්සවයක දී නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ්ලෙ-වොර්ක් සෙව්ඩු මහත්මිය වෙත පිළිගැන්වීය.

    මෙම උත්සවයෙන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී, එක්සත් ජාතීන්ගේ නයිරෝබි හි කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය, එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන යන දෙකෙහිම වැඩසටහන් සහ ක්‍රියාකාරකම්වල දී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සහභාගිත්වය අගය කළ අතර, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ අරමුණු හා ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි කැපවීමකින් යුතුව පෙරමුණ ගෙන කටයුතු කරන දකුණු ආසියානු රටවල් අතුරින් ශ්‍රී ලංකාව ද එකක් වන බව සඳහන් කළාය.

    2019 වසරේ දී පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිවුවැනි සැසියේ (UNEA-4) දී, ගෝලීය කඩොලාන පරිසරයේ යහපැවැත්ම පිළිබඳ තිරසාර කළමනාකරණය, සමුද්‍රීය කසල සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික්, පාරිසරික වශයෙන් හිතකර අපද්‍රව්‍ය කළමනාකරණය සහ ආහාර අපතේ යාම සහ නාස්තිය වැළැක්වීම සඳහා තිරසාර පරිචයන් සහ නව්‍ය විසඳුම් යන විෂයයන් පිළිබඳ යෝජනා 4 ක් සඳහා ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය ලබා දී ඇති බව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත දැන් වූ මහ කොමසාරිස්වරයා, ගෝලීය ප්‍රජාවට උපකාරී වීම පිණිස, මෙම යෝජනා යටතේ එන උදාර අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අනෙකුත් සාමාජික රටවල් හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ එක්ව අඛණ්ඩව කටයුතු කරන බව සහතික කළේය.

    තිරසාර නයිට්‍රජන් කළමනාකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ගෝලීය ව්‍යාපාරයෙහි වැදගත්කම පිළිබඳව සිය අදහස් හුවමාරු කර ගත් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ මහ කොමසාරිස්වරයා, 2030 වසරේ දී නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමේ අභිලාෂයෙන් යුතුව තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය සම්මත කිරීම මුදුන්පත් කරමින්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය මත 2019 ඔක්තෝබර් මස කොළඹ දී පැවති රැස්වීම පිළිබඳව සිහිපත් කළේය.

    රැස්වීම අවසන් කරමින්, ඉදිරියේ එන 2021 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට (UNEA-5) බොහෝ කල් ඇතිව මෙම අක්ත පත් පිළිගැන්වීම සඳහා කටයුතු සූදානම් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට ස්තූතිය පුද කළ මහ කොමසාරිස්වරයා, හඳුනාගත් සහයෝගීතාවයේ සියලු වැදගත් අංශවල දී සහයෝගීතාව සහ මැදිහත්වීම ඉහළ නැංවීම තුළින්, නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහන සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම දූත මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරන බවට ඇයට සහතික විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya