''සෞභාග්‍යයේ දැක්ම'' යතාර්ථයක් කරගනු පිණිස දියත් කර ඇති ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී රැස්විණි.
කමිටුවට අයත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ 10 ආශ්‍රිතව මහනුවර දිස්ත්‍රික් ජනතාවගේ ආර්ථික පුනර්ජීවනය සහ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධනය සදහා බලපාන ගැටලු,අභියෝග මෙන්ම ඊට ලබාදිය යුතු විසඳුම්,කෙටි සහ දිගු කාලීන පියවර වශයෙන්
අඳුනාගැනීම මේවනවිටත් සිදුවෙමින් පවතින බවත් තහවුරු වූ අතර මෙතෙක් ගනු ලැබූ පියවරයන් සම්බන්ධව ප්‍රගති සමාලෝචනයක් ද එහිදී සිදු කරන ලදී.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්,අනුරාධ ජයරත්න,ජීවන් තොණ්ඩමන,නිමල් ලංසා,නාලක ගොඩහේවා,මහත්වරුන් සමග දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,මහජන නියෝජිතයන්,අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.