විශේෂයෙන්ම මහවැලි කලාපීය කෘෂි සහ ප්‍රාථමික ව්‍යවසායකයින්ගේ නිෂ්පාදවලට ස්ථාවර වෙළෙඳ පොලක් නිර්මාණය කර දෙමින් සහ ඊට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉදි කරන ලද 4 වන ONE STOP SHOP අලෙවිසැල සහ භෝජනාගාරය ගිරාඳුරුකෝට්ටේ නගර මධ්‍යයේදී විවෘත කිරීමට හැකි විය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පූර්ණ දායකත්වය මත අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ඉදිකොට, පරිපාලන සහ කලමනාකරණ කටයුතු පවත්වාගෙන යන ONE STOP SHOP තුළින් වස විසෙන් තොර දේශීය, සම්ප්‍රදායික ආහාර නිෂ්පාදන මෙන්ම විවිධ අත්කම් භාණ්ඩ ද පහසු මිලට ලබා ගත හැක.
මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේමෙම ව්‍යාපෘතිය දියත් වන අතර, මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ ඇතුළු මහජන නියෝජිතයන්, මහවැලි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී.ල.ම.අ.අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්,නේවාසික ව්‍යාපාර කලමනාකරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,ගොවි සංවිධාන නියෝජිතයන් සමග ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් සහභාගී වී සිටියහ.