අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ග්‍රාමිය සංවර්ධනය වේගවත් කිරීමට අදාල කටයුතු සිදු කිරීමට දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කමිටු පවත්වන බවය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නිමිත්තෙන් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් ජනාධිපති කාර්යසාධක බලකාය හා ජනාධිපති වරයාගේ සහ අග්‍රාමාත්‍ය වරයාගේ මගපෙන්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව "ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමිව මෙම වැඩ සටහන පැවැත්විණි.
එක් එක් අංශ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය විය යුතු ආකාරය හා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිබඳව මෙහිදි දිර්ඝව සාකච්ඡා කරන ලදි.
දිස්ත්‍රිකයේ ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නිමිත්තෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එස්.බි. දිසානායක, මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලී සහ ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්,නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත් ජීවන් තොන්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාරයන මහත්වරුන් ඇතුලු මහජන නියෝජිතයන් හා නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.