ඒ වාරිමාර්ග අමාත්‍ය,සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සහ මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
" හරි ගොවිතැනට, හරි පාර " මැයෙන් වූ මෙම ගොවි දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේදී පැවැත්විනි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සංවිධානය කරනු ලබන මෙම ගොවි දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන , බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ විද්‍යඥයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගේ සම්පත් දායකත්වය යටතේ සිදුකෙරිණි.
මහවැලි වාරි පෝෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 191,560 ක් වේ. ඉන් මහවැලි කලාප දහය තුළ හෙක්ටයාර් 106,117 ක භූමි ප්‍රමාණයක වී සහ වෙනත් බෝග වගාකිරීම සිදුකෙරේ. මෙම කලාප වලින් වසරකට වී මෙට්‍රික් ටොන් 900,000 ක් ලබා ගන්නා අතර එහි වටිනාකම රුපියල් බිලියන 45 ක් පමණ වේ.
මහවැලි කලාප වලින් ජාතික නිෂ්පාදනයට, වී 21%, සෝයා 91%, ලොකු ලූනු 43%, බඩඉරිඟු 10%, කෙසෙල් 22%, පැපොල් 13%, අඹ 8% ලෙස ද වශයෙන් දායකත්වය සපයනු ඇත.
මේ වන විට අවිධිමත් ලෙස සිදුකරන වී වගා වෙන් කුඹුරු ඉඩම් හෙක්ටයාර් එකකින් ලබා ගන්නා වී අස්වැන්න මෙට්‍රික් ටොන් 5.8 ක සීමාවේ පවතියි. එම අගය හෙක්ටයාර් එකක් සඳහා වී මෙට්‍රික් ටොන් 7.5 දක්වා වර්ධනය කර ගැනීම මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.
නිවැරදිව වගා කිරීම තුළින් වී පමණක් නොව සෙසු වගාවන් සඳහා සැලකිය යුතු අස්වැන්නක් ගොවීන්ට ලබා ගත හැකි බව කෘෂි විද්‍යඥයින් පෙන්වා දී තිබේ.
ඇතැම් ගොවීන්ගේ නොදැනුවත් කම හේතුවෙන්, ඉහළ අස්වැන්නක් අපේක්ෂාවෙන් රසායනික හෝ කාබනික පොහොර ප්‍රමිතියකින් තොරව වගාව සඳහා භාවිතා කෙරේ. පොහොර වැඩිවශයෙන් වගාව සඳහා යෙදුවද, ඉහළ අස්වැන්නක් ලබා ගත නොහැකි බව කෘෂි විද්‍යාඥයින් පෙන්වා දී ඇති බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා මෙහිදී සඳහන් කළේ ය.
මෙම මහකන්නයේ මහවැලි ඉඩම් හෙක්ටයාර් 94000 ක, වී වගා කර ඇතිබවත් එමඟින් වී මෙට්‍රික් ටොන් 565,000 ක අස්වැන්නක් අපේක්ෂා
කර ඇතිබවත් හෙතෙම කීය.
මෙම ගොවි දැනුවත් කිරීමේ වැඩසටහන අතර තුර, මහවැලි සී කලාපයේ මෙතෙක් ඉඩම් ඔප්පු නොලැබුණු ගොවි පවුල් 200 ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි. එමෙන්ම ගොවි උපකරණ හා වගා ළිං සහ නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීමක් ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට,අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ඩබ්ලිව් ඩී වීරසිංහ, වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු සහ මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව් බී පළුගස්වැව මහතා , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු පී ජී ගුණපාල මහතා , මහවැලි කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතා , පශු සම්පත් අධ්‍යක්ෂ තමරා ප්‍රියදර්ශනී මහත්මිය ,මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
* ඡායාරූප : වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා විසින් ඉඩම් ලාභීන් ට, ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කළ අවස්ථාව.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ඩබ්ලිව් ඩී වීරසිංහ, වෛද්‍ය තිලක් රාජපක්ෂ , මහවැලි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව් බී පළුගස්වැව මහත්වරු පසෙකින් සිටිති.