බත්තරමුල්ල ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය තුළ ස්ථාපිත විසිතුරු මත්ස්‍ය තොරතුරු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පැවසීය.
මෙම තොරතුරු මධ්‍යස්ථානය විසිතුරු මසුන් ඇතිකිරීමේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් සදහා ප්‍රධාන අවශ්‍යතාවක්ව පැවති නමුත් මෙතෙක් ඉටු කර ගැනීමට නොහැකි වු අතර තමා හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ව කළ සාකච්ඡාවෙන් පසුව මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කටයුතු කළ බවත් ඒ සදහා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා, නැක්ඩා ආයතනයේ සභාපතිතුමන්, අධ්‍යක්ෂක ජනරාල්තුමන් ඇතුළු නිලධාරීන් දැඩි කැපවීමෙන් කටයුතු කළ බවත් ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යෙයේ දැක්ම අනුව ස්ථාපිත කිරීමට ඇරඹු මෙම විසිතුරු මත්ස්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරිකයන්ට හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට විශාල සේවයක් සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.