පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙහි සියලු මාධ්‍ය ආවරණ උපරිම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කරන්න- ජනමාධ්‍ය අමාත්‍ය

    ජනවාරි 18, 2021

    රටේ පවතින වත්මන් තත්වය තුල මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙහි සියලු මාධ්‍ය ආවරණ කටයුතු උපරිම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.


    ඒ අනුව ජාතික නිදහස් දින උළෙලේ අභිමානවත් බවට කිසිඳු බාධාවක් නොවන අයුරින් ඉතා චාම් අයුරින් පැවැත්වෙන මෙම උත්සවය පිළිබඳව සමස්ත ලෝකයාටම ආදර්ශමත් පණිවුඩයක් ලබා දිය යුතු යැයි ද අමාත්‍යවරයා කීය.

    73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙහි මාධ්‍ය සංවිධාන කටයුුතු පිළිබඳව ම‍ාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (18) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති ස‍ාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ආරක්ෂක ලේකම් විශ්‍ර‍ාමික ජනර‍ාල් කමල් ගුණරත්න, ජනම‍ාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්
    ජගත් පී. විජේවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

    ඒ අනුව සෑම මාධ්‍ය අ‍ායතනයකින්ම ඉතාමත් අවම පිරිසක් මෙම ආවර්ණ කටයුතු සඳහ‍ා යොදවන ලෙසත්, එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍ර‍මවේද සඳහා සෑම විටම ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් අමාත්‍යවරය‍ා මාධ්‍ය අ‍ායතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

    මෙරට අතිශය වැදගත් ජාතික උත්සවයක් වන නිදහස් දින සැමරුම පිලිබඳව ලොව බෙ‍ාහෝ රටවල් දැඩි සේ බලා සිටින බවත්, එනිසා කිසිදු අයුරකින් සෞඛ්‍ය උපදෙස්, නි‍ර්දේශ පසෙකලා කටයුතු නොකල යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. නිදහස් දින උළෙලේදී ගාම්භීරත්වයට හාන‍ියක් නොවන ලෙසත් සෞඛ්‍ය නිර්නායක තුලනය කර ගනිමින් ජනතාවට අවශ්‍ය මාධ්‍ය අවකාශය උපරිමයෙන් මෙහිදී ලබා දීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙසත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ නිලධාරීන්ගෙන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේ ය..
    ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) රුවන් සත්කුමාර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ර‍ාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය
    ආයතන ප්‍රධානීන්, වැඩසටහන් ප්‍රධානීන් රැසක් මේ සඳහා එක්විය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya