අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශකට අනුව 2020 වසරේ සිට මෙම ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමීක්ෂණ ආරම්භ කිරීමේ කටයුතු යොදා ඇති අතර අයවැය යෝජනාවෙන් රුපියල් මිලියන 200ක මුදලක් මූලික පියවර සඳහා වෙන්කර ඇත.
"සුරකිමු ගංගා" ජාතික පාරිසරික වැඩසටහන මැණික් ගඟ සංරක්ෂණයෙන් ආරම්භ කිරීමට ප්‍රථම ක්ෂේත්‍ර පරීක්ෂණයක් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගේ මූලිකත්වයෙන් 2021 ජනවාරි මස 17 වන දින සිදුකරන ලදි. එහිදී හඳුනාගත් සියළු කරුණු සාකච්ඡා කළ අතර, මෙහි මූලික පියවර වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති ගංගා 103ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මූලික නිරීක්ෂණයට භාජනය කරමින් එහි සිදුවන හානි සහ එම හානි ඇති කරන ප්‍රභවයන් 10,377 ක් හඳුනා ගෙන ඇති බවත්, ඉන් ප්‍රධාන පරිසර පද්ධතියට හානි පමුණුවන ප්‍රධාන ගැටලු ලෙස පවතින ගංගා ඉවුරු ඛාදනය වන ස්ථාන 70ක් , ගඟේ ඉවුර අත්පත්කර ගැනීම් ස්ථාන 63ක්, අනවසර හා අවිධිමත් වැලි හා මැණික් කැනීම් ස්ථාන 52ක්, නාගරික අපද්‍රව්‍ය බැහැර කිරීම් ස්ථාන 31ක්, බුත්තල හා කතරගම නගර ආශ්‍රිතව සිදුවන අප ජලය බැහැර කරන ස්ථාන 26ක්, අවිධිම් ආකාරයෙන් ජලය නිස්සාරණය කිරීමේ ස්ථාන 23ක්, කෘෂිකාර්මික බිම් මගින් ජලය බැහැර කිරීමේ ස්ථාන 12ක්, මළ අපසන්දන බැහැර කිරීමේ ස්ථාන 07ක්, අනවසර ඉදිකිරීම් 10ක් මැණික් ගඟ ආශ්රිත හඳුනා ගැනීම් විශේෂිත ගැටළු බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවද එම සාකච්ඡාවේ දී තීරණය වුණි.
කි.මී. 114ක දුරක ප්‍රමාණයක විහිදෙන මැණික් ගඟ, බදුල්ල මොනරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03 හරහා ගලා බසියි. මෙම ගඟෙහි ද්‍රෝණිය පිහිටා ඇති ප්‍රදේශය යාල වනෝද්‍යානයෙන් ව.කි.මී. 544ක් වන ගඟෙහි ජල පෝෂක ප්‍රමාණය ව.කි.මී. 1272ක පැතිර
පවතින අතර ස්වාභාවික වාර්ෂික ජල ප්රවාහාය කියුබික් මීටර මිලියන 347ක් වන මැණික් ගඟෙහි ගැටලු සියල්ල වැළැක්වීමට දැනුවත් කිරීමෙන් සහ නීතිමය වශයෙන් නිසි අධීක්ෂණය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට පරිසර අමාත්‍යාංශයේ සහ පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් සිදුවේ.
මේ වැඩසටහන වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ වෙමින් කතරගම දේවාල භූමි අභිනමාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ, රුහුණු කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ ඇතුළු මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය සභාවේ සභාපති, ප්‍රාදේශීය ලේකම්, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වූහ.