පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිකුණාමලය මෝදා මත්ස්‍ය වගාව නිරීක්ෂණය කිරීමට අමාත්‍ය දේවානනදා යයි

    ජනවාරි 19, 2021

    පසුගියදා ත්‍රිකුණාමල ප්‍රදේශයේ සංචාරයක නිරත වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කොඩ්බේ ප්‍රදේශයේ ස්ථාපිත විදේශීය සමාගමක් වන''ඕෂන් පික්''ආයතනයේ මෝදා මත්ස්‍ය වගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත විය.


    කොඩ්බේ මුහුදු ප්‍රදේශය කේන්ද්‍රකර ගෙන පවත්වාගෙන යනු ලබන ''ඕෂන් පික්'' ආයතනය මගින් මෝදා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් හා මෝදා මසුන් ඇති කර විදේශීය වෙළදපොල වෙත අලෙවි කිරීමේ කටයුතු සිදු කරන අතර එහි නිරීක්ෂණ කටයුතු සිදු කරමින් ප්‍රකාශයක් කළ ධීවර අමාත්‍යවරයා විදේශ විනිමය ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස මෝදා මසුන් අලෙවිය පෙන්වා දිය හැකි බවද සදහන් කළ අතර මේ සදහා අමාත්‍යාංශය මගින් ලබා දීමට හැකි සියළුම පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද පැවසීය.


    මෙම අවස්ථාව සදහා ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කහවත්ත මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා, නැක්ඩා ආයතනයේ සභාපති ජයන්ත විජේරත්න මහතා, ධීවර වරාය සභාපති මේජර් ජනරාල් නිහාල් කැප්පෙටිපොල ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya