පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ගොවිපළවල නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකළ අල වගාවේ පළමු අස්වැන්න නෙළීම රාජ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන්

    ජනවාරි 19, 2021

    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකළ අල වගාවේ පළමු අස්වැන්න නෙලීමට පශුසම්පත් ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා එක් විය.

    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පසු ගිය වසර පහ තුළ දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයට පත්ව තිබිණ. අමාත්‍යංශයේ ගොවිපල ප්‍රවර්ධනය ක්‍රියාවලිය යටතේ ඊට කඩිනම් විසදුමක් ලෙස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා මණ්ඩලය සතු වගා කළ හැකි ඉඩම් වගාකටයුතු සදහා යෙදවීමට තීරණය කෙරිණ.

    ඒ යටතේ මැණික් පාලම, බෝපත් තලාව, ඩයගම යන ගොවිපළවල නියමු ව්‍යාපෘතියක් ලෙස අක්කර 12 ක ප්‍රමාණයක අල වගාව සිදු කර තිබේ.  බෝපත් තලාව අක්කර 05 ක් ද, මැණික් පාලම අක්කර 04ක් ද, ඩයගම අක්කර 03ක් ද ලෙස වගා කර ඇත. මෙහි බෝපත්තලාව ගොවිපලේ අල අස්වනු නෙලීම රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.

    මෙම වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 180 ක් පමණ වනු ඇති බවත්, එමගින් අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 38 ක් පමණ වන බවද ජාතික පශු සම්පත් මංඩලයේ සභාපති මංජුල මාගමගේ මහතා පවසා සිටියහ.මෙම අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 72 ක් බීජ අර්තාපල් ලෙසද, ඉතිරිය ආහාර ලෙස වෙළද පලට නිකුත් කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වේ.


    ඉදිරි කන්නය සදහා අක්කර 50 ක අල වැවීමට එම ගොවිපල තුල මේ වන විටත් බිම සකස් කර ඇත.කෙසේ වෙතත් වගා කරන බිම් ප්‍රමාණය තව දුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ගොවිපල කළමනාකරුවන් වෙත මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් දෙන ලදී.

    මෙම අවස්තාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්  සේනානායක , ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මාගමගේ, නියෝජ්‍ය සභාපති A.P. සුමනසිරි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya