පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 3/ 2018 චක්‍රලේඛයට අනුව- අධ්‍යාපන අමාත්‍යංශය

    ජනවාරි 18, 2021

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 3/ 2018 චක්‍රලේඛයට අනුව , අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබයි.

     

    ඒ අනුව, 6 වන ශ්‍රේණියට ඇතුළත් කරගනු ලබන මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 85% ක් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පදනම් කරගනිමින් ද , ඉතිරි 15% දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවන ආදි ශිෂ්‍ය,
    සහෝදර, අධ්‍යයන කාර්ය මණ්ඩල සේවක යන ගණයන්ට අයත් වන දරුවන්ගෙන්ද සම්පූර්ණ කරනු ලබයි .එම 15% සම්පූර්ණ කිරීම සඳහා අයදුම්පත් කැඳවීම,සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම
    සහ ඇතුලත් කර ගැනීම සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන් විසිනි.

    1- 13 ශ්‍රේණි ක්‍රියාත්මක වන පිරිමි පාසල් ,ගැහැණු පාසල් සහ මිශ්‍ර පාසල් අතර අතර විශේෂයෙන් අවධානය යොමුවන කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය,කොළඹ විශාඛා
    විශාකා විද්‍යාලය වැනි පාසල්වල ප්‍රාථමික පන්ති විවිධ සංඛ්‍යා පවතී.මෙම ප්‍රාථමික පන්ති සංඛ්‍යාවෙන් සෑම වසරකම ශිෂ්‍යත්ව විභාගය සමතුන් ඇතුලත් කිරීම සඳහා පන්ති කිහිපයක් වෙන් කරනු
    ලබයි. දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාවෙහි පසුවන සිසුන් කිහිප දෙනෙක් සිටින විට එම අවසන් ලකුණු සීමාවේ සිටින දරුවන් වැඩි පිරිසකට අවස්ථාව ලබාදීම වෙනුවෙන් පන්ති ගණන අනුව
    ඇතුලත් කරගත හැකි සිසුන් සංඛ්‍යාව ඉක්මවන අවස්ථා ද පැවතිය හැක .

    මෙය මේ වර්ෂයේ පමණක් නොව සෑම වසරකම සිසුන් ඇතුළත් කිරීමේදී ක්‍රියාත්මකවන ආකාරයයි. දිස්ත්‍රික් කඩඉම් ලකුණ ඉහළ නංවා සිසුන් වැඩි පිරිසකට අවස්ථාව අහිමි කරනු වෙනුවට
    පවත්නා පංති කාමර පහසුකම් යටතේම හැකි උපරිම සිසුන් සංඛ්‍යාව ඇතුළත් කරගැනීමට හැකිවන අයුරින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙවර පාසල් කඩඉම් ලකුණු තීරණය කර ඇත.එක් එක්
    පාසල් සඳහා 6 වන ශ්‍රේණියට පවත්නා පන්ති සංඛ්‍යාව සහ ශිෂ්‍යත්ව සමතුන් ඇතුළත් කළ හැකි පන්ති සංඛ්‍යාව ,මෙන්ම ඒ අනුව තීරණය කරන පාසල් කඩඉම් ලකුණ සහ යොමු කළ ශිෂ්‍ය
    සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මේ සමග යොමු කර ඇත .

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් සඳහා අභියාචනා යොමු කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකරන අතර , https://www.moe.gov.lk/ වෙබ් අඩවිය මගින් පෙබරවාරි මස 15 වන දා
    සිට ඒ සඳහා අයදුම් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අවස්ථාව සලසා තිබේ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya