පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ළමා අපයෝජන හා අපචාර නඩු කඩිනමින් විමර්ශනය කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වන වැටලීම් තවදුරටත් විධිමත් කිරීමටත් අවධානය

    ජනවාරි 19, 2021

    ළමා අපයෝජන හා අපචාර නඩු කඩිනමින් විමර්ශනය කර කෙටි කලකින් මහාධිකරණවල අධිචෝදනා ගොනු කිරීමටත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් විශේෂඥ සාක්ෂි ලබාගැනීමේ ක්‍රමවේදය කඩිනම් කිරීමටත් හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    බත්තරමුල්ල සුහුරුපායේදී  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේදී ඊයේ (18) දින මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා යන අය සහභාගීත්වූ බව නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    මෙම සාකච්ඡාවේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වන වැටලීම් විධිමත් කර අදාළ පුද්ගලයින් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍යකරන පිටරටවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන්වාගැනීම සහ මත් ද්‍රව්‍ය ජාලය බිඳ දැමීම යන කරුණු සම්බන්ධයෙන් වූ බව වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    මෙහිදී දරුණු ගනයේ අපරාධකරුවන් සම්බන්ධයෙන් විශේෂිත ආකාරයට විමර්ශන අවසන් කිරීම සහ රටේ අපරාධ යුක්ති ක්‍රමය තුළ නීතිය ක්‍රියාත්මක කිරීම යන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින අණපනත් වල ඇති දුර්වලතා හඳුනාගෙන එම අණපනත් සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya