පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් බලපෑමට ලක් වූ විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

    ජනවාරි 19, 2021

    කොවිඩ් වසංගතය හේතුවෙන් දින 14 අඛණ්ඩව වසා දමා තිබු ප්‍රදේශවල ගෘහස්ථ,වානිජ, හා කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාලසිමාවට අදාළව විදුලි බිල්පත් ගෙවිම සඳහා එම බිල්පත් දින සිට මාස 06 ක සහන කාලයක් ලබා දීමටත් එහෙත් විදුලිය විසනධි නොකිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එසේම ,ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් සිනමා ශාලාවන් සඳහා 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වාරික 12 කින් ගෙවීම් අවසන් කිරීම සඳහා ද ඉඩ සළසා දීමටත්,එහෙත් එම සිනමා ශාලාවල විදුලිය විසන්ධි නොකිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පළවලට අදාළව 2020 මාර්තු 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දින තෙක් එකතු වී ඇති විදුලි බිල්පත් සඳහා එම දින සිට සමාන වාරික 12 ගෙනවිම සඳහා අවස්ථාවත්,එතෙක් අදාළ සැපයුම් විසන්ධි නොකිරිමට ද තිරණය කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya