ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කථානායකවරයා පැවසූවේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවූයේ නිසි අධ්‍යනයක් කර නීත්‍යානුකූල පසුබිම විමසා බැලීමෙන් පසුව බවයි.
රන්ජන් රාමානායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්ද නීත්‍යානුකූල උපදෙස් ලබා ගෙන ඒ පිළිබඳව කරුණු අධ්‍යනය කරන අවසන් තීරණය ලබා දෙන බව කථානායකවරයා සඳහන් කළේය.
මන්ත්‍රිවරුන්ට මේ සම්බන්ධව ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමට ඇත්නම් ඉදිරි සති දෙක තුළදී ලිඛිතව ඉදිරිපත් කරන ලෙසද කථානායකවරයා දැනුම් දුන්නේය.