අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා පැවසුවේ, 2020 මාර්ත්‍ර 19 දින වසා දැමු ගුවන්තොටුපළ 2021 ජනවාරි 21 දින නැවත විවෘත කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.ඒ යටතේ කොවිඩ් කමිටුවේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවල උපදෙස් හා චක්‍ර ලේඛන වලට අනුව ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති බවයි.
විශේෂයෙන් සංචාරකයින්ගෙන් සමාජයටත්,සමාඩයෙන් සංචාරකයින් බොවන ලෙසින් මෙය ක්‍රියාත්මක කිරිමටයි.එසේම මෙම සංචාරකයින්ලෙසින් රටට ඇතුල්විය හැක්කේ, සංචාරක වීසා ඇති අයටත්, ද්ව්ත්ව පුරවැසි භාවය ඇති අයටත්,මේ රට පදිංචි (Residence visa) විදේශිකයින්ට මේ හරහා පැමිණීමට හැකි බවයි.
එසේම රටට ඇතුල් වන සෑම කෙනෙක් ම මෙ රටට පැමිණිමට පැය 72 පෙර PCR පරික්ෂණ වාර්තාවක් හා රටට ඇතුල්විමේ දි ගුවන්තොටුපළේ දි PCR පරික්ෂණයකට මුහුණ දිය යුතුවේ.එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත කළ රෝහල් හා රසායනාගරවලින් මෙම PCR පරික්ෂණය කර ගත හැකි බවයි.එසේ කිරිමෙන් පැය 36 ඇතුළත එහි වාර්තාව ලබෙන අතර එතෙක් ඒ අය සිටින හෝටල් කාමර කිසිදු ආකාරයක සමාජය සමඟ සම්බන්ධයක් නොමැති අතර එය ඒ අයට ම වෙන් කළ හොටල් වශයෙන් නම් කර තිබේ.එම හෝටල් හඳුනා ගැනිම පසුගිය කාලයේ සිදු කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.එම හඳුනා ගත් හෝටල් සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇතැයි ද කිය.
එසේම සංචාරකයින් මෙරටට පැමිණිමේදි විසා හා PCR පරික්ෂණ දෙකක් සඳහා හා රක්ෂණය සඳහා මුදල් ගෙවිය යුතු බවත් දෙවන PCR පරික්ෂණය දින 5-7 ලබා ගන්නා අතර සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි තුන්වන PCR පරික්ෂණය ද යා හැකි බවයි. එහෙත් එය අනිවාර්ය නොවේ.රටත් හැටියට මේ සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඇමතිවරයා ඉල්ලීමක් ද කළේය.