ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පැරණි පනත් යාවත්කාලීන කිරීම පිළිබද ඊයේ කැබිනට් හමුවේදී සාකච්ඡා කළ අවස්ථාවේදී මෙම කරුණ සම්බන්ධයෙන්ද දීර්ඝ සාකච්ඡාවක් සිදුවූ අතර එහිදී අමාත්‍යවරු කිහිපදෙනෙකු විසින් අදහස් ඉදිරිපත් කළ බවද හැකි ඉක්මණින් එම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.
සත්ත්ව හිංසනයන්ට අදාලව ඕනෑම දරුණු ක්‍රියාවක් සම්බන්ධයෙන් පවතින්නේ රුපියල් 100ක දඩමුදලක් බවත්, එය වහාම වෙනස් කළ යුතු අතර සත්ත්ව සුබසාධනය සම්බන්ධව සානුකම්පිතව ලෙස සතා සිවුපාවුන්ට ඇති අයිතිවාසිකම් සම්බන්ධව කටයුතු කිරීමටත්, එය ඉතා සංවේදී ප්‍රශ්නයක් වශයෙන් සාකච්ඡා කර කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.