පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනම ආවරණය වන පරිදි කේන්ද්‍රගත කෘෂිකර්ම දත්ත පද්ධතියක්

    ජනවාරි 19, 2021

    කෘෂිකර්ම ක්ෂත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ඉපැයුම් ආනයන ආර්ථිකයෙන් මිදී අපනයන ආර්ථිකයක් කරා ළඟා වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මෙහිදී ප්‍රධාන ඉලක්කයන් 03 ක් කෙරෙහි අවධානය යොමු කර ඇත.


    1. කෘෂිකර්මාන්තය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම
    2. දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දත්ත පද්ධතියක් සකස් කිරීම
    3. කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතන එකට වැඩ කිරීම


    කෘෂිකාර්මික රටක් වශයෙන් රජයේ ප්‍රමුඛතා ලේඛනයට ඇතුලත්ව ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමේදී කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.


    මෙහිදී රේඛීය අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ නවය , මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ආයතන එකට කටයුතු කිරීමේදී ඒ පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම ගැටළුවක් බවට පත්ව ඇත.
    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව සඳහන් කොට ඇත.

    මේ වන විට මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා 14 දෙනෙකුගෙේ සමන්විත කමිටුවක් පත් කර ඇති අතර ඉදිරි මාස 06 ක කාලසීමාවක් තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තිය එළි දැක්වීමට අපේක්ෂා කෙරේ.


    නිදසුන් ලෙස ගොවියාට අවශ්‍ය බීජ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම පෙන්වා දිය හැක. මේ වන විට බීජ වර්ග 27 ක් ආනයනය කරනු ලැබේ. බීජ ආනයනය කිරීම වෙනුවට ශ්‍රී ලංකාවේ බීජ නිෂ්පාදනය කළ යුතුයි. පොහොර භාවිතය ගත් විට කන්නයෙන් කන්නයට පොහොර භාවිත කරන ආකාරයේ වෙනස්කම් තිබේ. ගොවීන්ට ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීම මහවැලිය හරහා සිදු කෙරේ.

    මෙම ප්‍රතිපත්තිය එළි දැක්වීමෙන් පසු කෘෂිකර්මය සම්බන්ධයෙන් ගනු ලබන සියලුම තීන්දු තීරණ මෙම ජාතික ප්‍රතිපත්තිය හරහා ගනු ඇත. එමෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් නොමැති වීමද කෘෂිකර්ම අමාත්‍යාංශයට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටළුවකි. කොපමණ කුඹුරු ප්‍රමාණයක් තිබෙනවද? කොපමණ වගා කරග තිබෙනවද? නිෂ්පාදනය කොපමණද? මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැත.


    මෙි නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය තදින්ම පවතී. මේ වන විට 60% ක් පමණ තොරතුරු පද්ධතිය සකස් කිරීමේ කටයුතු අවසන්ව ඇත. ඉදිරි මාස 03 තුළ මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතයි.


    මේ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හරහා ලබා ගැනිමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ඔවුන්ට පරිගණක ලබා දීමටද නියමිතයි.
    මීට අමතර වශයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතන එකට වැඩ කිරීම තුළින් ශ්‍රී ලාංකේය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කිරීමට අදහස් කෙරේ. මේ වන විට පළාත් නවයෙහි ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශවල ලේකම්වරු කැඳවා පළාත් සභා 09 රේඛීය අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya