පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් හටද කොවිඩ් වැක්සීනය ලබා දෙන්නැයි ඉල්ලීමක් කළා

    ජනවාරි 19, 2021

    සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් හටද කොවිඩ් වැක්සීනය ලබා දෙන්නැයි තමා ඉල්ලීමක් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කොවිඩ් වැක්සීනය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් යන බවත් එහි වගකීම භාර අරගෙන රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

    රජයක් වශයෙන් තම රජය ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙමින් එම ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා රජය දේශීය සම්පත් විකුණීමට යන බවට ඇතැමුන් කරන චෝදනා අසත්‍ය බව පෙන්වා දුන්නේය.

    වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිළි කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇති බවත් රජය ඒ අනුව කටයුතු කරන බවයි.

    විශේෂ වෙළෙඳභාණ්ඩ පනත යටතේ නියෝග කිහිපයක් පිළිබඳ අද පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ලෝක ආර්ථික පසුබෑම හමුවේ රටක් හැටියට අපට නැගී සිටීමට හැකියාව ලැබී ඇති බවත් රජය බලයට පත් වූ වහාම කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැගීමට බදු සහණ ලබා දී ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කිරීම නිසා මෙසේ අපේ රට ශක්තිමත්ව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya