යුක්‍රේන ජාතිකයින්ට පමණක් නොව ඕනෑම රටකින් මෙරටට සංචාරකයින් ගෙන ඒමට අවසර දී තිබුණු බවත්, යුක්‍රේනය සම්පූර්ණයෙන්ම වසා දැමූ රටක් නොවන අතර, ප්‍රධාන රැස්වීම් සහ පාසල් වසා දමා අනිකුත් සාමාන්‍ය ආකාරයට වැඩ කටයුතු කරමින් සිටී බවත්, ඒ සියල්ල පිලිබඳ සොයා බැලීමෙන් අනතුරුව මෙරටට සංචාරකයින් ගෙන්වීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
මේ වන විට 1500 ක පමණ පිරිසක් යුක්‍රේනයේ සිට මෙරටට පැමිණ ඇති අතර එමඟින් COVID19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ සිව් දෙනකු පමණක් බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
එපමණක්නොව, මීට මාස 06 කට පෙර මාලදිවයින් සංචාරකයින්ට මෙරට විවෘත කිරීමේ දී මෙම කාල සීමාව තුළ 162,000ක පමණ පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එවැනි විටෙක රජය අනුමත පෞද්ගලික රෝහල් හා රසායනාගාර සමඟ මූලික සාකච්ඡාවක් සිදු කොට විදේශිකයින් ලංකාවට පැමිණීම බාධාවක් නොවන ආකාරයෙන් දැනට තිබෙන පහසුකම් සමඟ PCR පරීක්ෂණ දිනකට 2500 ක් පමණ සිදු කරමින් සිටින බවත්, ඉදිරියට එම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට එකී රෝහල් සහ රසායනාගාර මඟින් කටයුතු කරන බවත්, යම් හෙයකින් කොවිඩ් අසාදිතව සංචාරක පුද්ගලයෙකු පැමිණියහොත් එවැනි අයෙකුට අවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා ගැනීමට අවශ්‍ය රෝහල් පහසුකම් ලබා දීමට ලංකාවේ පළාත් මට්ටමෙන් හෝටල් හෝ රෝහල් මිල දී ගෙන Covid19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම, සංචාරකයින්ට 21 වන දා ගුවන්තොටුපොළ විවෘත කිරීමේ දී එම පෙර අත්දැකීම් උපයෝගීකොට ගනිමින් කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.