පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    හෝමාගම අක්කර එකොළහක භූමි ප්‍රදේශයක් පුරා නවෝත්පාදන උද්‍යානයක්-වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන.

    පෙබරවාරි 20, 2021

     

    දශක ගණනාවක් අධ්‍යාපන ක්‍රමය තුළ අසහනයට පත් ලාංකික තාරුණ්‍යය 1970 සහ 1980 ගණන්වල සමාජය කෙරෙහිම වෛරයෙන් පසු වූ බවත්, එම තාරුණ්‍යයට මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයට තාක්ෂණවේදී විෂය හඳුන්වාදීම හරහා දැවැන්ත වෙනසක් සිදු කිරීමට හැකි වූ බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, මීපේ පිහිටි ශ්‍රී ලාංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අභිනව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

    රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුල්වීමට නොහැකි දරුවන් ගැන සිතා නව දැක්මකින් ආරම්භ වූ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය රටේ අත්‍යාවශ්‍යයෙන්ම පිරවිය යුතු හිඩැසක් සංවර්ධනය කිරීමට දරන්නා වූ උත්සාහය අමාත්‍යවරයාගේ ප්‍රශාංසාවට ලක් විය

    ලංකාවේ බොහෝමයක් විශ්ව විද්‍යාල නගර ආශ්‍රිතව කේන්ද්‍ර ගත වී ඇති බවත්,ජාතික සහ පෞද්ගලික විශ්ව විද්‍යාල කොළඹ නගරයෙන් පිටතට ගෙන යාමේ ආරම්භය සනිටුහන් කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මත්තේගොඩ ප්‍රදේශයේත්,හෝමාගම අක්කර එකොළහක භූමි ප්‍රදේශයක් පුරා නවෝත්පාදන උද්‍යානයක් නිර්මාණය කෙරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

    රටට සහ ජාත්‍යන්තරයට ගෙන යා හැකි මානව සම්පතක් මෙරටට උරුම බවත් ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබා දීම සඳහා තව තවත් මෙවැනි ආයතන පුළුල් කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

    මෙම අවස්ථාවට ගරු අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ සහ සභාපති ඉංජිනේරු රංජිත් ජී. රූබසිංහ, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්,ආචාර්ය, මහාචාර්යවරු සහ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya