ඒ අනුව දකුණු පළාතේ එම එක් ක්‍රීඩාංගනයක් නවීකරණයට සදහා රුපියල් මිලියනක මුදලක් ලබාදීමට තීරණය වී ඇති අතර එම ක්‍රීඩාංගන නවීකරණයට ප්‍රදේශයේ යෞවන සමාජ වල සහාය ලබාගැනීමට ද අපේක්ෂා කරනවා. මේ සඳහා වැයවන මුදල් දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා මේ වනවිටත් වෙන්කර ඇති අතර ඇතැම් ක්‍රීඩාංගන නවීකරණයට තාක්ෂණික සහාය අවශ්‍ය නම් අදාළ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ සහාය ලබාගන්නා ලෙසට ද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම වැඩ පිළිවෙළ ඔස්සේ දකුණු පළාත තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ දක්ෂතා වර්ධනය කිරීමට දායකත්වයක් ලබාගැනීම වගේම පළාතේ තරුණ තරුණයින් , වැඩිහිටියන් ද ක්‍රීඩාකිරීමට අවශ්‍ය පහසුකම් සපයාදී ඔවුන් නිරෝගි පුරවැසියන් කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අපේක්ෂාවයි.