පසුගිය වකවානුවේ මහනුවර,කුරුණෑගල, නුවරඑළිය ප්‍රදේශ වල නිවසක් ඉදි කරන විට යාපනය, අනුරාධපුර, මාතර ප්‍රදේශ වල පවා පෝස්ටර්, කටවුට් ගසමින් මාධ්‍ය දැන්වීම් ප්‍රචාරය කරමින් ඇතැම් පිරිස් සිය පෞද්ගලික දේශපාලන උවමනාවන් උදෙසා ප්‍රචාරණයන් ලබා ගත් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ස්ථාපිත කරනු ලැබූ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ පළමු ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී හෙෙතම මේ බව කීය.
අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම කමිටු රැස්වීම (22) පැවැත්විණි.
අන් කවරදාටත් වඩා ග්‍රාමීය හා ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය මාස කිහිපය තුළ රට පුරා ආරම්භ කෙරුණු බවත්, එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව කිසිඳු දැනුවත් වීමක් ලබා නොමැති යැයිද, එහෙත් ඇතැම් ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම අත්‍යාවශ්‍ය යැයිද රඹුක්වැල්ල මහතා කීය.
විශේෂයෙන් ජනතාව රටෙහි සිදුවන සංවර්ධන කාර්යයන් පිළිබඳ දැනුවත් විය යුතු බවත්, එහිදී ජනතා අදහස් හා යෝජනා සැලකිල්ලට ගත යුතු බවත්, මේ සඳහා වන සාධාරණ ප්‍රචාරණය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.
විශාල වශයෙන් මුදල් වැය කරමින්, තෝරා ගත් වචන භාවිත කරමින්, රාජ්‍ය පද්ධතියේ ධනාත්මක ක්‍රියාදාමයන් අපකීර්ති වන ආකාරයට සංවිධානාත්මක වැඩපිළිවෙළක් මේ මොහොතේ ක්‍රියාත්මක වන බවත්, ඒ තුළ පවතින්නේ අසත්‍ය ප්‍රචාරණයන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එම ක්‍රියාදාමයන් සඳහා ඉතාම සූදානමින් ඇතැම් ජාත්‍යන්තරික කණ්ඩායම් පවා කටයුතු කරමින් සිටින බවද රට වෙනුවෙන් එම ක්‍රියාදාමයන් පරාජය කර සත්‍ය තොරතුරු ජනතාවට ලබාදිය යුතු බවද හෙෙතම කීය.
ඒ සඳහා ජාතික මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ඇරඹීම යුගයේ අවශ්‍යතාවයක් යැයිද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර, ජාතික මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන්,මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.