ඇමතිවරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ,පාස්කු කොමිසන් වාර්තාව සම්ප්‍රදායට අනුව ප්‍රථමයෙන් ජනාධිපතිවරයාට භාර දුන් අතර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් වේ. මෙම වාර්තාව පළමුව ඉංශ්‍රිසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අතර එය අනෙක් භාෂා දෙකෙන් ම මුද්‍රණය කළ යුතු වන බවයි. එසේම,මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනෙට ම ලබා දීම සිදු වන අතර මෙම වාර්තාව පිටු 700කට අධික වන නිසාත් තරමක කාලයක් මේ සඳහා වැය වන බවයි.
මේ වාර්තාව සඳහා පස් පුද්ගල කමිටුවක් පත් කිරිම විවාදයට ලක් වුද එය තවදුරටත් ස්වාධින වාර්තාවක් කිරිම සඳහා මෙම පස් පුද්ගල කමිටුව පත් කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බවත්,ඉන්පසුව මෙය පොදු ප්‍රතිකාවක් ලෙසින් ජනතාව අතරට පත් කළ හැකි බව කිය.
මේ සඳහා යම් කිසි කාලයක් අවශ්‍ය බවත්,එහි කිසිදු රහස්‍ය බවක් නොමැති ව සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධරණය කළේය.