අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති කැබිනට් දැනුම්දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසිය.
කැබිනට් දැනුම්දිමේ මාධ්‍ය හමුවේදි ජනාධිපති කොමිසන් වාර්තාවක් සැලකිල්ලට ගෙන තෝරා ගත් පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමේ රජයේ කිසිදු වැඩ පිළිවෙළක් පවතින බවට පැතිර යන කතාවක් සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ පැනයට පිළිතුර දෙමින් අමාත්‍යවරයා මේ බව කිය.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ,මෙම කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල විවිධ සාවද්‍ය තොරතුරු පළ වු බවයි.පිටු 700කට අධික ප්‍රමාණයක් සහිත මෙම වාර්තාව පෙබරවාර් 01 දින ජනාධිපතිවරයාට ලබා දුන් බවත් එය සිංහල හා දෙමළ භාෂාවෙන් පරිවර්තනය කිරිම සඳහා සති 3ක කාලයක් ගත වි ඇති වත්,ඊයේ (22) දිනයේ දි එය කැබිනට් මණ්ඩලයට ලැබුවු බවත් කිය.මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරිමට ඉතා ඉක්මනින් බලාපොරොත්තු වන බවත්,එසෙම් නීතිපතිවරයා යොමු කිරිමට නියමිත බවත් සඳහන් කළේය.ඒහා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට නිතිපතිවරයාට හරහා සිදු කෙරනෙ අතර ඒ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන බලපැමක් හෝ ඇඟිලි ගැසීමක් සිදු නොව බව ඇමතිවරයා අවධාරණය කළේය.