එම වාර්තාව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එම ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ සැප්තැම්බර් මස 21 වනදා පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළේය.
වසරකුත් මාස 03ක කාලයක් පැවති විමර්ශන කටයුතුවල දී පුද්ගලයින් 440 දෙනෙකුගෙන් කොමිසම සාක්ෂි විමසු අතර සිය විමර්ශනය සම්බන්ධයෙන් සකස් කළ අවසන් වාර්තාව මේ මස පළමු වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.
2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදුවු මෙමෙ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.