පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ''යාන්ඔය'' මැටි නිධිය ආශ්‍රිතව උළු කර්මාන්ත ව්‍යාපෘතියක් ඇරඹීමට තීරණය කෙරේ

    පෙබරවාරි 24, 2021

    යාන්ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව පවතින විශාල ස්වාභාවික මැටි නිධිය උපයෝගී කර ගනිමින් උළුකර්මාන්ත ශාලා ඇතුළත් කර්මාන්ත ව්‍යාපෘතියක් සැකසීමට රජයේ අවධානය යොමු ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දිවයිනේ උළු කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධ සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේ දී (22) දින පැවැත්විනි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් සහභාගි වුහ.


    වර්තමානයේ මෙරට උළු කර්මාන්තය වැඩි වශයෙන් පවත්නා හලාවත, වයික්කාල වැනි ප්‍රදේශවල උළු සැකසීම සඳහා යොදා ගන්නා මැටි විශේෂ හිගවීම සැළකිල්ලට ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විනි.
    මෙම සාකච්ඡාවේ දී දැනට මා ඔය ආශ්‍රිතව පවතින පරිසර හානිය සැළකිල්ලට ගනිමින් යාං ඔය ආශ්‍රිතව උළුකර්මාන්ත ශාලා ඇරඹීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා උළුකර්මාන්තකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කළේය.
    දැනට ගණන් බලා ඇති ආකාරයට වසර 200කට පමණ අවශ්‍ය මැටි මෙම නිධිය තුළ පවතී. නමුත් මා ඔය දෙපස පිහිටි මැටි නිධීය ඉළක්ක කර ගනිමින් දැනට ස්ථාපිත කර තිබෙන උළු කර්මාන්ත ශාලාවලට අවශ්‍ය මැටි ලබා ගැනීමේ ගැටළු උදගත වෙමින් පවතින්නේ එම මැටි නිධිය කැණීම් නිසා මා ඔයට සිදු විය හැකි බරපතල පරිසර හානිය නිසා හා එම මැටි නිධීය කෙටිකාලයක් තුළ අවසන් විය හැකි නිසාය.
    එසේ වුවද තවදුරටත් එම ව්‍යාපෘතිය පවත්වාගෙන යන අතරතුර ඉදිරි කාලය තුළ රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන බොහෝ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය උළු ලබා ගැනීමට සිදු වන බැවින් මේ සඳහා දායකත්වය සපයන්නැයි අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබීය.
    යාං ඔය උළු කර්මාන්ත ශාලා ව්‍යාපෘතියට එක් වන්නේ නම් සහන පදනමක් යටතේ ණය මුදල් ලබා දීම හා මෙම කර්මාන්තය දේශීය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා සියලු පහසුකම් රජය වශයෙන් ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම රජය විසින් වැව් 5000ක් ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩ පිළීවෙළක් අරඹා තිබෙන අතර වැව් වලින් ඉවත් කෙරෙන පස් ද උළු කර්මාන්තය සඳහා යොදා ගත හැකි වන නිසා යාන් ඔය ප්‍ර දේශයේ මෙම කර්මාන්ත ශාලා පිහිටුවීම මගින් මෙරට උළු නිෂ්පාදනය ඉහළ නැංවීමේ හැකියාවක් ද පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    විශේෂයෙන්ම මෙම වසරේ අවසාන භාගයේ සිට මෙරට අලුතින් ඉදි කෙරෙන පාසැල් හා පෙර පාසැල් ගොඩනැගිලි සඳහා භාවිතා කරන ඇස්බැස්ටස් සීමා කිරීමට ගෙන ඇති තීරණය සමග උළු කර්මාන්තයට විශාල ඉල්ලුමක් ඇතිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    පරිසර අමාත්‍යංශය විසින් පෙන්වා දුන් කරුණු අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිලධාරින් සමග යාං ඔය ප්‍ර දේශයේ නිරික්ෂණ චාරිකාවක් පැවැත්වීමටත්, ඒ අනුව මෙම උළු කර්මාන්ත ව්‍යාපෘතියේ කටයුතු මෙම වසර තුළ ඇරඹීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya