පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපති හමුවෙයි

    පෙබරවාරි 24, 2021

    නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවීමට නියමිතය

    මේ අතර අද දිනයේ දී සුවිශේෂී සාකච්ඡා කීපයක් ම පැවැත්වීමට නියමිත ය,

    ශ්‍රී ලංකා - පාකිස්ථානු මිත්‍ර සබඳතා ශක්තිමත් කරමින් පාකිස්ථානයේ 22 වැනි අගමැතිවරයා වන ඉම්රාන් ඛාන් මැතිතුමාගේ ශ්‍රී ලංකා නිළ සංචාරය ඊයේ (පෙබරවාරි 23)  සිදුවිය. අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම සමීප,සුහද හා අන්‍යෝන්‍ය සහයෝගීතා සබඳතා පවත්වා ගෙන යන මිත්‍රශීලී අසල්වාසීන් වෙන්නේ 1948 සිටමය. දෙරට අතර ජාත්‍යන්තර හා කලාපීය කාරණා සම්බන්ධයෙන් පොදු අදහස් හුවමාරු කරගැනීම නිරන්තරයෙන්ම සිදුවන්නේ ගැටලුවකින් තොරවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාර්ක් ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය වේදිකාවල ද දෙපාර්ශ්වයම සමීපව කටයුතුකරන අයුරු මනාව දැකගත හැකිය.

    ඊයේ (23 වනදා) මෙරටටට පැමිණි එතුමා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. අග්‍රාමාත්‍යවරයා සමඟ මෙරට විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊට සහභාගී විය.

    මෙරටට සම්ප්‍රාප්ත වීමෙන් පසු අරලියයගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත වූ පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා එහි දී දෙරට පිළිබදව අදහස් හුවමාරු කරගන්නා ලදි.

    එමෙන්ම, ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කරන්නට ද යෙදුණු අතර දෙරට අග්‍රාමාත්‍යවරුන් විසින් ඒකාබද්ධව මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වන්නට යෙදුණි.

    අනතුරුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya