පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි

    පෙබරවාරි 24, 2021

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමඟාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට 23 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි.

     අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකාවෙන් සහ පාකිස්තානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් පහතින් දැක්වෙයි.

    1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම

    2. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

    3. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

    4. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව

    5. කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya