කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය ආරම්භවීමට පැයකට පෙර සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් දෙකක් පෙනී සිටියි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වනදා සිට 11 වනදා දක්වා ම්‍යස්ථාන 4513 කදී පැවැත් වේ.පිහිටුවා ඇති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 542 කි.මෙවර අයදුම්කරුවන්ගෙන් හාරලක්ෂ විසිතුන් දහස් හත්සිය හතලිස් හය දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අනූ අටදහස් හයසිය හයකි.