පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිකුණාමලයේ කැලෑ රකින්න කඩාපනින හමුදාවක්

    පෙබරවාරි 25, 2021

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදුවන වන විනාශය නතර කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් කඩාපනින හමුදාවක් යෙදවීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් (24) පස්වරුවේ පැවැත්වු විශේෂ රැස්වීමකදි තීරණය විය.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් සිදු වන වනාන්තර විනාශය නතර කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සදහා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි මෙම හමුව පැවැත්විණි.

    හදිසි වැටලීම් වලට අමතරව නැගෙනහිර පළාතේ සිදුවන වන විනාශයන් ආරක්ෂක අංශ වෙත දැනුවත් කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංක ( 070-7011117 ) සහිත දැන්වීම්පුවරු සවි කිරීමටද තීරණය කෙරිණි. ආණ්ඩුකාර කාර්යාලය මගින් හදුන්වා දුන් එම දැන්වීම් පුවරු නිල වශයෙන් එළිදැක්වීමද ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් සිදු වුවාය.

    ඊට අමතරව ප්‍රාදේශිය මට්ටමින් පරිසර කමිටු පිහිටුවීමටද පියවර ගන්නැයි ආණ්ඩුකාරවරිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නාය. මින් ඉදිරියට වනාන්තර සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරවන කුමන හෝ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ආණ්ඩුකාරවරිය ආරක්ෂක නිළධාරින්ට උපදෙස් දුන්නාය.

    මෙහිදි පැමිණි සිටි මාධ්‍ය වේදියෙකු ආණ්ඩුකාරවරියගෙන් විමසා සිටියේ ආරක්ෂක ලේකම්වරයා සිදු කළ ප්‍රකාශයට අනුව ත්‍රිකුණාමලයේ කැළෑ කපන රජයට හිතවත් ස්වාමීන් වහන්සේ කවුරුන් ද යන්නයි.

    ඊට පිළිතුරු දුන් ආණ්ඩුකාරවරිය කියා සිටියේ ඒ පිළිබදව ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට ලැබුණු සියළු තොරතුරු ඉදිරි විමර්ශන සදහා ආරක්ෂක ලේකමවරයා වෙත යැවීමට කටයුතු කරන බවයි.

    මේ අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල , ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, නැගෙනහිර නාවික ආඥාපතිවරයා, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් දිස්ත්‍රික් ප්‍රධානින් සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya